මුහුණු පොතෙන්

හෙම්මාතගම ගම්පොල මාර්ගයේ අලුතෙන් රෝපණය කරන ලද කුඹුක්, කොස්,මී පැළ 250 කට සෑම දිනකම ජලය දමන හා මාර්ගය දෙපස ඇති දිරාපත් නොවන කුණු කසළ ඉවත් කරන හෙම්මාතගම ගම්වාසියකු අපට හමුවිය.

හෙම්මාතගම බලත්ගමුවේ බී. පී. අජන්ත ගාමිණී නමැති මේ දෙදරු පියා තම දෛනික කටයුතු පසක දමා සෑම උදෑසනකම සිය නිවසේ සිට ත්‍රිරෝද රථයට ජලය පුරවාගෙන ගොස් හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල දක්වා කඳුකර කොටසේ සිටවා ඇති මෙම පැළවලට ජලය වත් කරයි. සිය කැමැත්තෙන් දෛනිකව උදේ හවා කිලෝමීටර් 30 ක පමණ දුරක් එහා මෙහා යන මොහු අපිට හමුවූයේ පැළ එකින් එකට ජලය වත් කරන අතරවාරයේදීය. කාලය හා ධනය වැය කර තම කැමැත්තෙන් ඔහු මෙම කාර්යයෙහි නියැළෙන්නේ වියළි දේශගුණයෙන් මීට මාස පහ හයකට කලින් සිටවූ පැළ රැකගැනීම සඳහාය.

අපේ රටේ දේශපාලනඥයන් හා ඇතැම් පුද්ගලයන් සිය නාමය හා වෙනත් අරමුණු වෙනුවෙන් රුක් රෝපණ වැඩ සටහන්වල නිරත වුවත් මොහු සිදු කරන්නේ සමාජ මෙහෙවරකි. තම දුවා දරුවන් හා අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැකගන්නට වෙර දරන මෙවැනි පුද්ගලයන් අපේ රටට අවශ්‍යම කාලය වර්තමානයයි.

‘‘මේ මාර්ගය මංතීරු දෙකට සකස් කරලා දැන් වසරකට ආසන්න කාලයක් වෙනවා. මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල පැත්තෙන් නුවරඑළිය සහ නාවලපිටිය, හැටන් සහ මහනුවරට වාහන තදබදයකින් තොරව ළඟාවිය හැකි මාර්ගයක් තමයි මේක. පාර මං තීරු දෙකක් කළාට පස්සේ වාහන ගමනාගමනය වැඩියි.

පාර හැදුවට පස්සේ පරිසරය විශාල වශයෙන් වෙනස් වුණා. පසුගිය කාලයේ වැස්සෙන්, නාය යෑම් පවා සිදුවුණා. බොහෝ සංචාරකයන් මේ පරිසරයට කැමැතියි.

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයක් තියෙනවා. මේ යන බොහෝ දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මාර්ගය දෙපස පරිසරයට දිරාපත් නොවන අපද්‍රව්‍ය දමා යනවා.

ප්‍රදේශවාසීන් මුලදී ඒවා සුද්ධ පවිත්‍ර කළා. අපේ මිනිස්සු ගොඩාක් රටේ පවතින තත්ත්වයත් එක්ක මේ වැඩෙන් ඈත් වුණා. මේ පරිසරය ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්. මේ පැළ වැස්ස නැති නිසා මැරී යන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා හැමදාම උදේ, සවස මගේ ත්‍රිවීල් එකෙන් වතුර ගෙනත් මේ ගස්වලට දානවා. ඒ අතරවාරයේ පරිසරයට මුදාහරින දිරාපත් නොවන ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය ත්‍රිවීල් එකට දාගෙන ගිහින් ඒවා වෙන් කරලා පරිසරය රැක ගන්න කැප වෙනවා. මට අවශ්‍ය වන්නේ අපේ තරුණ පරපුරට ආදර්ශයක් දීලා පරිසරය ආරක්ෂා කරගැනීමට යොමු කිරීම. අපි මේ පාර දෙපැත්තට කුණු දාන්න එපා කියලා නාමපුවරු කිහිපයකුත් සවි කළා ව්‍යාපාරිකයන්ගේ උදව් අරන්. මේ මාර්ගයේ ගමන් කරන අය ඒ උපදෙස් පිළිපදියි කියලා මම හිතනවා.

හෙම්මාතගම සිට ගම්පොල දක්වා විශාල පිරිසක් පානීය ජලය මෙන්ම අනිකුත් ජල අවශ්‍යතා සිදු කරගන්නේ මේ කන්දෙන් ලැබෙන ස්වාභාවික ජල උල්පත්වලින්. අපි කාලයක් ලෝක ප්‍රසිද්ධ වූ අම්බුළුවාව පරිසර පද්ධතියට ගම්පොල නගර සභාව කැළි කසළ දානවාට විරුද්ධව විරෝධතාව දැක්වූවා. ඒ ගැන බලධාරීන්ට කීවා. ඔවුන් ගණන් ගත්තේ නැහැ. අවසානයේ ඒ කුණු කන්ද නාය ගිහින් විශාල විනාශයක් වුණා. ඒ කුණු කන්දට පහතින් ගලා බසින කුඩා ඔය, මාඔය දක්වාම ගියත් ඒ ගංගාව දූෂණයට ලක්වුණා මේ කුණු කන්ද නාය යෑම නිසා.

කෙසේ වෙතත් අජන්තගේ කැපවීම දකින ගම්වැසියන්ද මේ වන විට ඔහුගේ සහායට පැමිණෙන අයුරු දක්නට ලැබේ. මෙම පරිසරය සහ ස්වාභාවික ජල උල්පත් මතු පරපුර උදෙසා රැක දෙන්නට ඔවුන් ගන්නා මේ උත්සාහය අප අගය කළ යුතුමය.

බී. පී. අජන්ත ගාමිණී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More