2019 වසරේදී යාපනය දිස්ත‍්‍රික්කයේ සිය දිවි හානි කර ගැනීම් සියයට 17%කින් ඉහළ ගොස් තිබෙන බව යාපනය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම සමීක්ෂණය මගින් හෙළි කරන දත්තවලට අනුව 2018 වසරේදී යාපනයේ සියදිවි හානි කර ගැනීමේ සිද්ධීන් 89ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේදී එය 612 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම පිරිසෙන් 105 දෙනකු මියගොස් ඇති අතර 154 දෙනකු දිවිනසාගැනීමේ අනතුරුවලින් රෝහල් ගත කර තිබේ. මෙම වසරේ ද පෙබරවාරි 9 වැනිදා වනවිට යාපනය දිස්ත‍්‍රික්කයේ 9 දෙනකු දිවිනසාගෙන ඇති අතර ඉන් 4 දෙනකුම කාන්තාවන් බව එම සමීක්ෂණයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සංඛ්‍යාලේඛන මගින් හෙළි කරන සමාජ ඛේදවාචකය ඉතා බරපතළය. යුද්ධය අවසන් වී දශකයකට පසු උතුරු නැගෙනහිර සමාජ දේහය ඉතා බරපතළ ලෙස රෝගාතුර වෙමින් තිබෙන බව හඳුනාගැනීමට මෙම රෝග ලක්ෂණය හොඳටම ප‍්‍රමාණවත් බව අපගේ මතය ය. යුද්ධය පැවති දශක තුනක කාලය තුළ මෙම රෝග ලක්ෂණය ශ‍්‍රී ලංකාව පුරාම පැතිර ගොස් තිබූ අතර 1995 වසරේදී ලෝකයේ වැඩිම සියදිවි නසාගැනීම් වාර්තා වූයේ ශ‍්‍රී ලංකාවෙනි. එම වසරේදී දිනකට දිවිනසාගැනීම් 25 පමණ වාර්තා වී ඇති අතර මෙම තත්ත්වය 2018 වසර වන විට බෙහෙවින් අඩු වෙමින් දිනකට සියදිවි නසාගන්නා ප‍්‍රමාණය 8ක් දක්වා අඩුවී ඇත.
1995 වසරේ සියදිවි නසාගැනීම් වැඩිවීමට එක් හේතුවක් වනුයේ වගා සංග‍්‍රාමයත් සමග පළිබෝධ නාශක විශාල වශයෙන් අප රටට පැමිණීමය. පළිබෝධ නාශක පානය කිරීමෙන් දිවිනසාගැනීම් සිදුකර ගැනීම ඉහළ යෑමත් සමග රජය විසින් භයානක පළිබෝධ නාශක 04ක් තහනම් කරන ලදී. මෙම තීරණයත් සමග සියදිවි නසාගැනීමේ ප‍්‍රවණතාවය 50%කින් අඩු කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. රෙජිස්ට‍්‍රාර් ජනරාල් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 1948 නිදහස ලබන විට ශ‍්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 9 ක් විය.
1970 දශකයේ දී එය ලක්ෂයකට 19 ක් දක්වා ඉහළ ගිය අතර 1980 දශකයේ මැද භාගයේදී එය ලක්ෂයකට 33 ක් විය. ශ‍්‍රී ලංකාවේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 15 ක් පමණ වන බවයි. නමුත් පසුගියදා යාපනයෙන් හෙළි වූ දත්තවලට අනුව උතුරු පළාතේ දිවිනසාගැනීම් අනුපාතය වේගයෙන් ඉහළ යමින් තිබේ. මීට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රටේ ආර්ථික වර්ධන රේඛාව සහ දිළිඳුකම අතර පරතරය දිනෙන් දින ඉහළ යෑමය. එම ආර්ථික පරිහානිය මගින් ඇතිකර තිබෙන තරුණ අසහනය විසඳීමට යාන්ත‍්‍රණයක් නොතිබීමෙන් උතුරේ පමණක් නොව දකුණේ තරුණයාට ද මුහුණ දීමට සිදුව ඇත්තේ එකම ඉරණමකටය. දණ්ඩ නීති සංග‍්‍රහයේ 302 වැනි වගන්තිය අනුව සිය දිවිනසා ගැනීමට තැත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද රටේ තරුණ පරපුර දිනෙන් දින දිවි නසාගැනීමට පෙළඹීම පිටුපස ඇති ඛේදවාචකය මෙයය.
පුද්ගලයකු දිවිනසාගැනීමට බලපාන කරුණු අතර විෂාදය, ඉච්ඡුා භංගත්වය, මානසික රෝග, දරිද්‍රතාව, පෙම් සබඳතා බිඳ වැටීම, සමාජයට මුහුණ දිය නොහැකි වීම, ණය බර, පවුල් සබඳතා බිඳ වැටීම, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ආදී කරුණු ප‍්‍රධාන වේ. ලෝකයේ වසරකට ලක්ෂ 8ත් 10ත් අතර ප‍්‍රමාණයක් දිවිනසාගන්නා අතර එම පිරිසෙන් පුරුෂයන්ගේ සියදිවි නසාගැනීමේ ප‍්‍රතිශතය ස්ත‍්‍රීන්ගේ සියදිවි නසාගැනීමේ ප‍්‍රතිශතයට වඩා සිවුගුණයත් පමණ වේ. එම පුරුෂයන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 60 ඉක්මවූවන් වුවද ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන් දිවි නසා ගැනීමට පෙළඹී ඇත්තේ තරුණ පිරිස්ය.
එම නිසා ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට අත්විඳීමට තිබෙන ඛේදවාචකය පිළිබඳව රජය මීට වඩා අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම අද වන විට සයිබර් අවකාශයේ සැරිසරණ තරුණ පරපුර දැඩි මානසික ආතතියකින් පීඩා විඳිති. ලෝකයේ මේ වනවිට දිවිනසාගන්නා තරුණයන්ගෙන් 20%ක් පමණ සයිබර් ආතතියෙන් පීඩාවට පත්වූවන්ය. විශේෂයෙන්ම රටේ ස්මාට් ජංගම දුරකථන ඉහළ යෑමත් රටේ තරුණ පරපුර දවසේ වැඩි කාලයක් සැරිසරන්නේ අන්තර් ජාලයේය. පසුගියදා ශ‍්‍රී ලංකාවේ තරුණයකු තමන් දිවි නසාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර දිවි නසාගෙන තිබිණි. මේවා ඉතා බරපතළ සමාජ ව්‍යසනයක මඟ සලකුණු බව රජය වටහා ගත යුතුය. එම මඟ සලකුණු හඳුනාගෙන උතුරේ සිට දකුණට තරුණ ආතතිය දුරු කිරීමේ ජාතික යාන්ත‍්‍රණයක් සැකසීම අප තවත් ප‍්‍රමාද නොකළ යුතුය.
උපුටා ගැනීම දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...