දේශීය පුවත්

රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 8ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (සැප්.27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අද උදෑසන ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු මෙම රන් බිස්කට් තොගය කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී එම ආරක්ෂක නිලධාරියාට ලබා දෙන්නට ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු සැක කරති.

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියා රන් බිස්කට් තොගය තම කලිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර යාමට උත්සහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

‍මෙම පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More