දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්‍රතිඥා ලබා දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි(Yoshimasa Hayashi) මහතා සමඟ ටෝකියෝ නුවරදී පැවති සාකච්ඡාවේදී ජපානය මෙම කරුණු අනාවරණය කර ඇත.

පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම නිසා ජපන් ශ්‍රී ලංකා සබඳතා බිඳ වැටුණු බවත්, ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවත් ජපානයේ විදේශ අමාත්‍යවරයා හමුවේ ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්‍යාවශ්‍යම එම ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහි දී පොරොන්දුවී තිබේ.

ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවයි.

මේ අතර ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) විශේෂ සාකච්ඡාවකට එක් විය.

එහිදී ජනපතිවරයා පවසා ඇත්තේ සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවයි.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැතිවරයාට පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More