දේශීය පුවත්

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද (27) සිට දෛනික විදුලි කප්පාදුව තවත් දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය ඊයේ (26) රාත්‍රියේ බිඳ වැටීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් සඳහා නතර කර තිබීම හේතුවෙන් මේ වන විට එම බලාගාරයේ සක්‍රීය තත්ත්වයේ පවතින්නේ පළමු ජනන යන්ත්‍රය පමණක් බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ විදුලි උත්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, අක්‍රීය වී ඇති තෙවන බලාගාරය සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගත වනු ඇති බවත් ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, අද සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව ඉහළ යන අතර ඉහළ නැංවෙන කාලසීමාව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More