දේශීය පුවත්

දිවයින පුරා පසුගිය මැයි මස 9 වැනි දා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරයාට බාර දුන් බවද සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ දීය.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින නෛතික බාධාවන් ඉවත් කිරීමට අදාළ නියමයටත් කාරක සභාවේ අනුමැතිය ලැබිණ.

මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ‍ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය.

විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම වැලැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More