දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය යළිත් අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (26) දිනයේදී පැවැත්වූ බවය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික ආයතනයේ අමෙරිකානු තානාපති සින්ඩි මැකේන් මහත්මිය ඊයේ දිනයේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සහයෝගය ලබාදෙන බවට එහිදී සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More