ආනයනය කරන ලද බොරතෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා චෝදනා නගා තිබිණි.
එල්ල කෙරෙන එම චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාව නෛතිකව පිළිතුරු ලබාදෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර මහතා තවදුරටත් පවසන්නේ, ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් සහ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය තරම් අරමුදල් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කළ බවය.
එසේම ලංකා ඛනිජතෙල් සංස්ථාව සතුව අවශ්‍යතරම් පෙට්‍රල් සහ ඩීසල් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...