දේශීය පුවත්

රට ස්ථාවර වෙමින් පවතින වාතාවරණයක දී විරෝධතා පවත්වමින් ජනතාවට හිරිහැර කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ සඳහා පොලීසියට අවශ්‍ය වුවහොත් සහාය ලබාගැනීමට ආරක්ෂා හමුදා සූදානමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“උද්ඝෝෂණ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. රැස්වීම් තියන්න පුළුවන්. නමුත් නීති පද්ධතිය අනුව ඒ රැස්වීම් සඳහා කලින් අවසර ගත යුතුයි. ගමක වුණත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට නම් අදාළ පොලිස් ස්ථානවලින් ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.

හැම කෙනෙක්ම කැමති නෑ එදිනෙදා ජීවිත අඬාල වෙන විදියට දේවල් තියෙන කොට. ඒ නිසා ඒ සියල්ල සලකා බලලා තමා පොලීසියෙන් ඒ අවසරය ලබාදෙන්නේ. එහෙම නැතිව එකපාරට ඇතිවෙන උද්ඝෝෂණ පෙළපාලිවලට නීතිමය වශයෙන් ක්‍රියාකිරීමට පොලීසියට යුතුකමක් තියෙනවා.

අධි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නෙමෙයි. මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදාගත්ත දේවල්.

පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා. එතැන රජයේ නිලධාරීන්ට රාජකාරිය ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. රටේ පාලනය පිළිබඳ තීරණය ගන්න තැනට. ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වූ තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.

ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවහම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, කොළඹට ආව ගමන් පේන්නේ බොහෝම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහාය රටේ යම් දියුණුවක් ලබාගැනීමට විශාල බාධකයක් වෙනවා.

ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More