දේශීය පුවත්

රජය පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ශේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව 19 වැනි සංශෝධනය නැවතත් වහා බලගැන්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

“ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන මැයෙන් හලාවතදී පැවති සම්මණ්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු රටම විනාශය වූ බව පවසන ඒ මහතා, නවතම වාර්තා අනුව සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වන බවත් පවසයි.

ගතවූ අට මාසය තුළ වෛද්‍යවරු 500 කට වඩා රට හැර ගොස් ඇති බවත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වීමෙන් අනාගත ජාතික සම්පත් රටට අහිමි වන බවත් පවසන ඔහු, රජය වහාම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More