දේශීය පුවත්

ලෝක වෙළෙඳපොළේ මේ වසරේ වාර්තා වූ අඩුම බොරතෙල් මිල මේ වන විට වාර්තා වී තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 78ක් ලෙසය.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86ක් දක්වා පහත වැටී තිබේ.

එහෙත් දෙසතියකට වරක් මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරන බව දේශපාලන අධිකාරිය විසින් ප්‍රකාශකර තිබුණ ද අවසන්වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය ජූලි මස 17 වැනි දාය.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව බලශක්ති අමාත්‍යංශය මිල සංශෝධනයකට එළඹෙන්නේ නම් ඊට අනුකූල වීමට තමන් ද සූදානම් බව ලංකා අයි.ඕ.සී සමාගම පවසයි.

වැඩිමිලට ගත් ඉන්ධන තොග තවදුරටත් පැවතීම හා ඩොලර් අර්බුදය මත සැපයුම් ඉන්ධන සැපයීමේදී ඉහළ මිල සීමාවක් තීරණය කර තිබීම නිසා ක්ෂණිකව ඉන්ධන මිල පහළ බැස්වීමක් කළ නොහැකි බව අයි.ඕ.සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසන අතර, ණයවර ලිපි විවෘත කිරීමේ දී පවතින බාධාවන් ද මෙයට හේතුවී ඇති බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙරට ප්‍රවාහන අංශ හා ජනතාව පවසන්නේ ගාණ කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණයවත් තවම නොලැබෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More