දේශීය පුවත්

පසුගිය 24 වනදා කොළඹ දී සමාජවාදී තරුණ සංගමය විසින් පැවැති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනෙකු ඊයේ 25 ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

අත් අඩංගුවට ගත් 83 දෙනා අතරින් 80 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබු අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර ඇතුලු තිදෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මුදා හැරීමට කටයුතු කර ඇත.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර , හිමිනමක් හා කාන්තාවක් ඇතුලු තිදෙනෙකු ඊයේ(25) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා ඩයස් මහත්මිය නියෝග කළාය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More