Uncategorized

අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය 21 වැනි දින ගෙනආ විශේෂ චක්‍රලේඛයට සෞඛ්‍ය සේවක විරෝධය එල්ල වී තිබේ.

මෙම නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ චක්‍රලේඛයට සියලු වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු සෞඛ්‍ය නිලධාරීන් වෙත නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධ තොරතුරු හා ප්‍රතිපත්තීන් විවේචනය කරමින් විධිමත් අනුමැතියකින් තොරව ඇතැම් නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති බවය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම, විවේචනය කිරීම පිළිබඳව 2019 අංක 06 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ද දැනුම් දී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යංශය, එම විධිවිධානවලට පටහැනිව කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More