දේශීය පුවත්

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ රුපියල් දෙසීයක් ලෙසය. නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300 දක්වා ඉහළ යනු ඇත.

පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු මුදල රුපියල් සීයක් වන අතර එය 150ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා රැස්වී ගත් තීරණයක් අනුව එම මිල ගණන් මෙලෙස සංශෝධනය කර තිබේ.

පාර්ලිමේන්තුවෙ ආහාර සහ විවිධ පාන වර්ග සඳහා වසරකට රුපියල් කෝටි 15 කට ආසන්න මුදලක් වැයවන බවත්, ජල ගාස්තු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ අනුවක් පමණ වැයවන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More