දේශීය පුවත්

කැබිනට් ඇමතිධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් මීට සති ගණනාවකට පෙර, ජනාධිපතිවරයාට යවා ඇති අතර, එහෙත් මෙතෙක් ඒවා නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

මේ වනවිට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තිස්දෙනාගෙන් 18 දෙනකු පත්කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ දොළොස් දෙනෙකු පමණි.

පොදුජන පෙරමුණෙන් ඒ සඳහා මන්ත්‍රීවරු දොළොස් දෙනකුගේ නම් යවා ඇතත්, අනෙකුත් පක්ෂවලටද අමාත්‍ය ධුර කිහිපයක් දීමට සිදුව ඇති හෙයින් එය අටක් පමණ දක්වා අඩු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් පසුව මෙම කැබිනට් ඇමැතිවරුන් පත් කරනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More