දේශීය පුවත්

ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අතර, රටේ පවතින ගැටලුකාරී වාතාවරණය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ය.

වහාම මහ මැතිවරණයකට යන්නැයි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම අනෙකුත් ආගමික නායකයෝ ද රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටින පසුබිමක, පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා ලබන වසරේ මහ මැතිවරණයකට යාමට බොහෝ දුර ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More