එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ 51වැනි සැසියේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකිරීමට ඉන්දියාවේ සහාය පතන බව යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු මෙන්ම, කලාපීය බලවතෙකු වන හෙයින් මේ පිළිබඳව සලකා බලන මෙන් ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි.
කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව ඇතුළත් මූලික කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නව කෙටුම්පතෙන් ශ්‍රී ලංකාවට මානව හිමිකම් ගැටලුව විසඳීමට වැඩිකාලයක් ලබාදෙන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිය ද, එම රටවල් අතරට ඉන්දියාව ඇතුළත් නොවන හෙයින් මෙම ඉල්ලීම සිදුකරන බව ඔවුහු පවසති.
තමන්ගේ ගැටලුවකදී මුලින්ම සහායට පැමිණෙන්නෙ ඉන්දියාව වන නිසා ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණයට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාමේ සියලු අයිතිය ඉන්දියාව සතු වන බවත් ඒ සඳහා නායකත්වයේ භූමිකාව ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...