දේශීය පුවත්

2018, 2019 වර්ෂවලදී මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඇති බවත්, ඔවුන්ට වැටුප් වශයෙන් රුපියල් කෝටි 106ක පමණ මුදලක් නිකරුණේ ගෙවා ඇති බවත් ජාතික විගණන කාර්යාලය හෙළිකරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මෙසේ කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන් (කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව එම වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි. (පුරාවිද්‍යා සහායකයන් 713ක් සහ මුරකරුවන් 376ක්)

ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වනවිට සේවකයන් 1487 දෙනකු (පුරාවිද්‍යා සහායකයන් 934ක් සහ මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.

ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බව ද වාර්තාවේ සඳහන් වේ.

මෙම සියලු බඳවාගැනීම් නීතියට පිටින් ගොස් සිදුකළ බඳවාගැනීම් බව විගණන කාර්යාල වාර්තාවේ සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More