දේශීය පුවත්

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

එළඹෙන 5 වැනිදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බව ද පවසයි.

මාධ්‍ය වෙත වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,

“දේශීය වෙදකම් ප්‍රවර්ධනයත්, ආයුර්වේද ක්ෂේත්‍රෙයණුත් පමණක් ඩොලර් බිලියන 3ක් අපට විදේශ විනිමය ලබාගන්න පුළුවන් මහා සම්පතක් මත අපි ඉන්නේ. ඒ ජයග්‍රහණය තවම අපේ රටට ලබාදෙන්න අපට හැකියාවක් ඇත්තේ නෑ.

ඒ නිසා ඒවාට සම්බන්ධ බාධක, මේ මෑත දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා ප්‍රබල සාකච්ඡාවක් ඇති වුණා… ඖෂධීය කංසා අපනයනය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්.

විශේෂයෙන්ම මේ ජයග්‍රහණය අපිට ඉදිරි කාලපරිච්ඡේදයේ දී රටට ලබාදිය හැකියි. ලෝකයේ ට්‍රිලියන 4කට වඩා වැඩි වෙළෙඳපොළක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඖෂධීය කංසාවලට තියෙනවා.

පාරම්පරික වෙදකමේ අවුරුදු දහස්ගණනක් තිස්සේ භාවිත කළ ඖෂධ මේවා. විශේෂයෙන් බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලපරිච්ඡේදය තුළ තමයි මේවා යටපත් කළේ. ඉතින් ඒ පාරම්පරික වේදකමත් එක්ක තමයි ඖෂධීය කංසා පිළිබඳ සාකච්ඡාව ඇති වුණේ.

පසුකාලීනව ආයුර්වේද නිෂ්පාදන ලෙස එළිදැක්වීම සිද්ධ වුණා. ඒ කොහොම වුණත්, ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව පමණක් අපනයනය අරමුණු කරගෙන ආයුර්වේද නිෂ්ෂාදන අපිට මේ වෙළෙඳ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නෛතික කරුණු මේ වනවිට සම්පාදනය වෙනවා. මේක දැනටමත් කල්ගියා වැඩියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More