දේශීය පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමේ දී අවශ්‍ය වන ණය හිමියන්ගේ සහතිකය ලබා ගැනීම සඳහා ආරම්භ කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල දී ජපානය ශ්‍රී ලංකාව සමග සිටිමින් සහයෝගය ලබා දෙන බව සම්මුඛ සාකච්ඡාවකදී මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කර ඇත.

හිදෙකි මහතා වැඩි දුරටත් එහිදී පවසා ඇත්තේ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නද විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව බවයි.

චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමියන් සමග සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල දී ජපානය ඵලදායි කාර්යභාරයක් ඉටු කිරීමට ද බලාපොරොත්තු වන බව හිදෙකි මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More