දේශීය පුවත්

ඉකුත් අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ තෝරාගන්නා ලද සැපයුම්කරු අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි.

එහි සඳහන්ව ඇත්තේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් තම සමාගම මෙම තීරණය ගන්නා බවය.

මෙම තත්ත්වය යටතේ අමාත්‍යවරයා පවසා සිටින්නේ අමාත්‍යංශය විසින් දීර්ඝකාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා අලුත් ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කරන බවයි. දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට ද පියවර ගන්නා බව ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සටහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ගැසට් කළ අධි ආරක්ෂිත කලාප ඉවත්කිරීමේ සූදානමක්!

කොළඹ නගරයේ විශේෂ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා...


Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More