දේශීය පුවත්

ගල් අඟුරු මිල දී ගැනීමට අවම ලංසුවක් හා සහනදායී ගෙවීම් යෝජනා ඉදිරිපත් කළ සමාගම් තිබිය දී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ විදෙස් සමාගමකින් ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම සූදානම් වන බව ගල් අඟුරු මිලදී ගැනීමට ඉදිරිපත් වූ දේශීය සමාගම් චෝදනා නගයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හරහා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 750ක පමණ පාඩුවක් සිදුවන බවයි.

කෙසේ වෙතත් ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා මේ සම්බන්ධව පවසා ඇත්තේ අදාළ මිලදී ගැනීම සිදුකරන්නේ නිවැරැදි ටෙන්ඩර් පටිපාටියට අනුව බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ද දැනුම් දී ඇත්තේ ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සමාගම්වලට ටෙන්ඩර් ඉදිරිපත් කරන ලෙසයි.

ඇමැතිවරයා එම දැනුම්දීම සිදුකරන්නේ 2022 අගෝස්තු 22 අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය එක්සත් අරාබි එමිර් රාජ්‍යෙය් බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් නම් ආයතනය වෙත ලබා දී පසුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හේතුවෙන් එම ආයතනයෙන් ගල් අඟුරු මිලදී ගැනීම ගැටලුවක් වූ පසුබිමකයි.

කෙසේ වෙතත් ගල් අඟුරු නොමැති වීමෙන් විදුලි කප්පාදුව පැය 10ක් 12ක් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවට මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරද්දී ගල් අඟුරු සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More