දේශීය පුවත්

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළද පොලට වැඩි වශයෙන් ලැබෙමින් පවතින බැවින් ලොකු ලූනු ආනයනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන දේශීය ලොකු ලූනු නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් බරපතළ දුෂ්කර තත්වයකට පත්ව සිටින බවයි.

මේ අතර ගොවීන් පවසන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දේශීය ලොකු ලූනු අස්වැන්න විශාල වශයෙන් ලැබෙන නමුත් ඒවායේ තොග මිල රුපියල් 30 සිට 100 දක්වා ඉතා අඩු මට්ටමක පවතින බවයි.

“දේශීය ලොකු ලූනු අස්වනු නෙළන සමයේ දී ආනයනික ලොකුලූනු සඳහා සෙස් බද්දක් පැනවීම සිදුවුනවා. නමුත් මෙවර එවැන්නක් සිදු වූයේ නැහැ.ලොකු ළූණු කිලෝවක් නිෂ්පාදනය ට රුපියල් දෙසීයක් පමණ වැය කිරීමට සිදුවනවා. මේ හේතුවෙන් ගොවීන් ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව තිබෙනවා.” ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ගැසට් කළ අධි ආරක්ෂිත කලාප ඉවත්කිරීමේ සූදානමක්!

කොළඹ නගරයේ විශේෂ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා...


Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More