දේශීය පුවත්

විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙට්‍රික්ටොන් 5000 ක් පමණ අවශ්‍ය බවත්, රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික්ටොන් 250,000 ක සංචිතය ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන බවත්, ගල්අඟුරුවලින් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 35 ක් පමණ ජනනය කරන බවත් රත්නායක මහතා පවසයි.

ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළ ද ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය බරපතළ වී ඇති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්වයෙන් ගැලවීමට නම් සෑම දින පහකට වරක්ම ගල්අඟුරු නැවක් ගෙනඒමට ඩොලර් මිලියන 21 ක් බැගින් අවශ්‍යවන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More