දේශීය පුවත්

රූපවාහිනී සංස්ථාවේ පඩි ගෙවීමට සහ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.

ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති බව ද ප්‍රේමරත්න මහතා පැවසුවා.

උද්දික ප්‍රේමරත්න මෙ බව සඳහන් කලේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී

එම සම්මාන උළෙලට සහභාගිවීමට කුමාර තිරිමාදුර , සරත් කොතලාවල රංගන ශිල්පීන්ට නොහැකි වූයේ ගුවන් ටිකට් ලබා ගැනීමේ ගැටලුවක් නිසා බවද ඔහු සඳහන් කළා,

වැඩි දුරටත් අදහස් දැක්වූ උද්දික ප්‍රේමරත්න

‘‘චිත්‍රපටයේ ආදායම ලෙස කුමාර තිරිමාදුර රුපියල් හතළිස් ලක්ෂයක් චිත්‍රපටයේ නිෂ්පාදක වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට ලබාදීලා තියෙනවා. අවම වශයෙන් එම මුදලින් හෝ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවලට ටිකට් පත් දෙකක් අරගෙන දීමට ඇමැතිවරයා කාරුණික වුණේ නැහැ. හොඳම නළුවාට හිමි සම්මානය ගන්න රුසියාවට ගියේ ඇමැතිවරයා විතරයි. සංවිධායකයන් හිතන්න ඇති මේ එන්නේ නළුවන්ගෙ තාත්තා කියලා. ඔන්න ඔහොමයි වෙච්ච දේ. මට මේ ගැන කරන්න තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි ‘සොර දෙටුවෙක්” ගීතය. දංගෙඩියට ගෙන යන සොරා දංගෙඩියටත් ඇලුම් කළා කියලා ඉන් කියැවෙනවා. අපේ රටේ ඇමැතිවරුත් එහෙමයි. අනෙකාගේ සතුට දැකලා සතුට වෙන්න ඒ අය කැමති නැහැ. සම්මානය රැගෙන ආ ඇමැතිවරයා පිළිගන්න කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගුවන් තොටුපොළට ගියා. විය යුතුව තිබුණේ අනෙක් පැත්ත. සම්මානය අතැතිව සිටින ඇමැතිවරයාත් ඒ සම්මානය දෙස බලා සිටින නළුවන් දෙදෙනාගේත් ඡායාරූප පස්සේ පත්තර වල පළ වුණා .මෙරටට පැමිණි පසුවත් නියම හිමිකරුවන්ට සම්මානය ලබා දීමට ඇමැතිවරයාට හදිසියක් තිබුණේ නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More