දේශීය පුවත්

එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බවත්, ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවත් මුදල් රාජ්‍යඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“අපේ රටේ බදු ආදායම වැඩිකර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තියෙනවා. අපි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8ක තරම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ළඟ රුපියලුත් නෑ අපි ළඟ ඩොලරුත් නෑ. අපිට වැටුප් ගෙවන්නත් අමාරුයි ඉතින් අපි මේක වළක්වා ගන්න නම් අපේ බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 15ක් වත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි එතැනදී විශේෂයෙන්ම අපේ සෘජු බදු ප්‍රමාණය වැඩිකරගතයුතුයි. සංයුතියක් හැටියට අපි ඉන්නේ සියයට 20යි සෘජු බදු. වක්‍ර බදු සියයට 80ක්.”

“බොහොම ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයා බලලා ජනතා මනස නිරවුල් කරලා ඒ ගෙවීම් අවශ්‍ය පරිදි අයකරගෙන තමයි අපි ජනතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ රට වෙනුවෙන් අපිත් බදු ගෙවන්නෙක් වෙමු කියලා.”

“දැන් උදාහරණයක් විදියට අපි නිතරම කතාවෙන එකක් සීනි බදු වංචාව, තීරුබදු ශත 25ට අඩුකිරීම නිසා ඇතිවූ තත්ත්වයක්, හැබැයි දැන් අපිට තීරු බද්ද ආපසු ගන්න බෑ. ප්‍රතිපත්ති සම්පාදකයන් නීතියට ගේන්න තියෙන ක්‍රමවේදත් අඩුයි. හැබැයි අපිට එක දෙයක් තියෙනවා කරන්න, අපි කියනවා අශ්වයා ඉස්තාලය හැර පැනලා ගිහින් කියලා, හැබැයි අවශ්‍ය නම් අශ්වයා මැදදී අල්ලාගන්න තොණ්ඩුවක් දාන්න පුළුවන් තැනුත් තියෙනවා. ඔය කියන ආයතනය අසාමාන්‍ය අසාධාරණ ලාභයක් ලැබුවා නම්, අපි කියමු බිලියන 13ක් රජයේ මුදල් අහිමි වුනා කියලා. ඒ මුදල ආදායම් බද්දක් විදියට අපිට අයවෙලා තියෙනවා ද කියන එක ගැන මම වාර්තාවක් ඉල්ලුවා, ඔවුන් ආදායම් බදු හරියට ගෙවලා තියෙනවා ද කියලා. ඒවගේම හැමවිටම ජනතාවට අපි බදු ගැන කතාකරන්නේ එවැනි සිද්ධීන් සියල්ල සමනය කරමින්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ගැසට් කළ අධි ආරක්ෂිත කලාප ඉවත්කිරීමේ සූදානමක්!

කොළඹ නගරයේ විශේෂ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා...


Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More