දේශීය පුවත්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත ආනයනකරුවන්ගෙන් ලැබුණු කන්ටේනර් 13 ක බඩඉඟුරුවල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති රසායනික ද්‍රව්‍ය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට හෙළිවීමත් සමගම එම කන්ටේනර් නැවත හරවා යැවු බව ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගමේ අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි.

එම කන්ටේනර්වල බඩඉඟුරු මෙට්‍රික්ටොන් 260ක් හෙවත් කිලෝග්‍රෑම් 260,000ක් තිබූ බවත්, පසුගිය මාසයක පමණ කාලය තුළ එම කන්ටේනර් 13 ආපසු හරවා යැවූ බවත් එම අරංචිමාර්ග පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඕනෑම අමුද්‍රව්‍යයක් සමාගමට ලැබුණු පසු එහි පරීක්ෂණාගාරයේ දී අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කන්ටේනර්වල තිබූ බඩඉඟුරුවල ‘ඇෆ්ලටොක්සීන්’ හඳුනාගැනීමට හැකි වූ බවත් ත්‍රිපෝෂ සමාගම සඳහන් කරයි.

ත්‍රිපෝෂ බෙදා හැරීමෙන් පසුව එහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීමේ වගකීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරී ඇති නිසා එම නිලධාරීන් කළ පරීක්ෂා කිරීමක දී ‘ඇෆ්ලටොක්සීන්’ අධි සංයුතිය හෙළි වී ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

ත්‍රිපෝෂ සමාගම ප්‍රමිතිය ගැන දැන් කුමක් පැවසුව ද ඔවුන්ගේ පරීක්ෂාවන් තුළ තිබූ දැවැන්ත හිල් මේ වන විටත් ජනතාවට නිරාවරණය වී අවසන් බව ජනතාවගේ පිළිගැනීම වී තිබේ.

කෙසේ වෙතත් වෙළෙඳපොලේ ඇති ත්‍රිපෝෂවලට සමාන ශක්ති ජනක ආහාර රැසක ද ‘ඇෆ්ලටොක්සීන්’ රාසායනිකය අධි ප්‍රතිශතයකින් පැවතීම නිසා සෞඛ්‍ය අංශ එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More