ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කළ බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගොස්තු 22 වැනිදා සිට දවස් විසි දෙකක් තිස්සේ මේ තත්ත්වය දිගින් දිගටම පවතින බවටත්, මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකුගේ කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙන බවටත් ඔහු චෝදනා කරයි.
මේ ප්‍රශ්නය විසඳීමට කතානායකවරයා උත්සාහ කළ නමුත් වෙනත් බලවේග නිසා ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණ බවද පෙන්වා දෙන ජී .එල් පීරිස් මහතා එම නිසා අදාළ මන්ත්‍රීවරුන් දහතුන් දෙනාගේ අත්සන් සහිතව අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්ට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට මේ පිළිබඳව පැමිණිලි කළ බවද වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...