මුහුණු පොතෙන්

අද දින දහවල් 11.20 මරදාණ දුමිරිය ස්තානයෙන් මා වේයන්ගොඩ බලා යාමට අදාල දුමිරියට ගොඩ වුයෙමි. එහි තරමක මගි පිරිසක් සිටි අතර මාහට ඉදගැනිම අසුනක් නොවුයෙන් මගේ කරේතිබු බෑගය ( පහලින් දක්වා ඇති පලමු බැගය)
දුමිරියේ ඇති රාක්කය මත සුරක්සිතව රදවා මා සිටගෙන
ඒ අසලින්ම සිටියෙමි.
දුමිරිය නැවතුම් කිපයක් පසු කරද්දි,මට ඉදගැනිමට අසුනක් හිමිවිය.මා රක්කය මතම බෑගය තබා අසුන් ගතිමි.
මගේ ගමනාන්තය වේයන්ගොඩ වුයේන් අසුනින් නැගිසිට මා තැබු බැගය රාක්කයෙන් ගැනිමට සුදනම් වුවත්,
රාකකය මත මගේ බෑගය නොවුනු අතර ඒවෙනුවට රාක්කයේ තිබුනේ ( දෙවනුවට ) වෙනත් කුඩා බරින් අඩු බෑගයක් පමණි. (මේ දෙකෙහි වෙනස ඔබට පැහැදිලි ඇති)
මේ සිදුවිම දුමිරියේ සිටි බොහෝ පිරිසකට ගැටලුවක් විය.මටද මෙය ගැටලුවකි ඒ කුමන හෝ අයෙකුට වැරදිමකින් සිදුවු අත් වැරදිමක් නොව හිතාමතා මගේ බැගය මාරුකර අරන් ගොස් ඇතිබව වැටහිනි.
වටිනා කිසිවක් නොවුමුත් මගේ ඇදුම් කෑම පාර්සලය පොෆ්න් චාජරය සහ තවත් ලියකියවිලි කිපයක් විය.
විය යුත්ත සිදුවි තිබුබැවින් මා සේවා ස්තානයට පැමින රාජකාරියේ නියලි සිටියෙමි.
සවස 4.30 පමණ මගේ ගෙදරින්
දුර කතන ඇමතුමක් ලද බැවින් මා ඊට සවන් යොමු කෙලෙමි .
“මේදැන් ඔයාගේ බෑගය අරගෙන දරුවෙක් ඇවිත් ඉන්නවා .”
මගේ බිරිද පැවසු අතර මා ඒ බෑගය රැගෙනා ආ අය සමග කතා කෙරුවෙමි. ඔහු මිගමුවේ සිට පැමිනෙන අයෙක් බවත් මම ඔහුගේ බෑගය වැරදිමකින් අරන් බැස ඇති බවත් ඔහු කියු මුත්
මා මොනම හෙතුවකටවත් මිගමු දුමිරියෙන් ගමන් නොකල නිසා ඔහුගේ බෑගය පිලිබද තොරතුරු විමසුවෙමු.
ඔහුගේ බෑගය මගේ බැගයට වඩා විසාල වු බඩුබහිරාදිය පිරවු බෑගයක් විය. මා අත රැදි බෑගයේ පින්තුරයක් ඔහුට දැකගැනිමට සැලසු අතර එම බෑගය ඔහුගේ නොවන බව පැවසු අතර මගේ බෑගය ඔහු මටදී හිස් අතින් යාමට සැරසෙද්දි මා බිරිද රූ.200/=මුදලක් ඔහුඅතට ලබාදිමටද කාරුණික විය.
මගේ බෑගයේ තිබු T .ෂර්ට් 2ක් කෑමපාර්සලය පොෆ්න් චාජරය නොමැති බවදැනගතිමි.
***********–*****–********
මේහි ඇති අවදානම ගැණ ඔබ හොදින් සිතන්න .ඔබ දුමිරියේ යන මගියෙක් නම් ඔබේ පාර්සල් බෑග ගමන් මලු ගැණ අවදානය නිරන්තර රදවා ගන්න. කපටි හොරූන්ගෙන් ප්‍රවේසම් වන්න.මට සිදුවු අලාබය සුලු වුවත් ඔබට විසාල අලාබයක් සිදු විමට ඉඩ ඇත. නිකරුනේ ඔබ හොරෙකු විමටද පොලිසි ගානේ රස්තියාදු විමටද ඉඩ ඇත.
මගේ නිවසට බෑගය රැගෙනා පැමිනි පුද්ගලයා කවරෙක් දැයි මා නොදැනෙමි .ඔහු යහපත් මිනිසෙකු විය යුතුය.
නමුත් ඔහුනම්
සෑබැ වන්චා කරුවා දැන් මගේ නිවසටද අවදානමක් ඇති බව කෙසේනම් නොසලකා හැරිය හැකිද?
පරිස්සම් වන්න
මේය ඔබට මුහුනදිමට සිදුවු දෙයක් සේ සලකා කා අතරත් ප්‍රචාරය කිරිමට සහය වන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More