දේශීය පුවත්

ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමඟ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ තහනම් කර තිබූ දෙමළ සංවිධාන හයෙහි තහනම ඉවත් කරලීමට තමා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වෙත බලපෑම් කළ බවයි.

එහිදී මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතා නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා සිටියේ ගාලුමුවදොර මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලයට වියදම් කළේද දෙමළ ඩයස්පෝරාව බවයි. ඩුබායි රාජ්‍යය සහ කටාර් රාජ්‍යය වැනි රාජ්‍ය වල සිට අදාළ මුදල් අරගලයට ලබා දුන් බව අවධාරණය කළ ඒ මහතා එම ගිණුම් වල විස්තර තමන් සතුව ඇති බවත් අනාවරණය කළේය.

දෙමළ ඩයස්පෝරාවේ අරමුණ අවුරුදු දෙකහමාරක කාලයෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය තබා ගැනීමද බව අනාවරණය කළ ඒ මහතා  එක්සත් ජාතීන්ගේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහාය පළ කරන බව පවසා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More