දේශීය පුවත්

මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වී ඇති බැවින්, මෙම සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ,” යනුවෙන් ඊයේ (16) සවස කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති “ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානය – 2022” සම්මාන උළෙල අමතමින් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම සඳහා මේ වන විට බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඒ සඳහා සියලු පාර්ශ්වවල සහයෝගය අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද ඔහු සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානයේ සභාපති දුලිතා පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More