දේශීය පුවත්

ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන්  එය මෙහෙයවූ මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ ජාතික නිදහස් පෙරමුණ IMF යනවාට එකගද යන්නයි

මේ ඔහු විසින් ඊට ලබාදුන් පිළිතුරයි

“දුර්වල වෙලාවක ගියාම අපිට මූණ දෙන්න වෙන ප්‍රශ්න ගොඩයි. මේ  අපිට පරිවර්ථනය වෙන්න දීපු වෙලාවක්. අපිට නිවැරදී වෙන්න දීපු වෙලාවක්. තාමත් අපි පරිවර්තන ධජය අතට අරගෙන නෑ. නිවැරදිවීමේ ධජය අතට අරගෙන නෑ. ඒවා ගන්න කියලා තමයි බලකරන්නේ. අපිට මුහුණදෙන්න වෙන අනාගතය ඊට වඩා ඛේදජනක උත්තරවලට අපිව ඇඳගෙන යන්න තියෙන අවස්ථාව වැඩියි. බඩගින්නේ හිටියත් වතුර ටිකක් බීලා හරි නැඟිටින දවසක් එනකොට අපිට අපේ රාජ්‍ය තියෙන්න ඕනේ. මේක හයිටියක්, ලිබියාවක් සියරාලියෝන් එකක් කරන්න ඉඩදිය යුතු නෑ. අපේ අමාරුක්ම පාවිච්චි කරලා ව්‍යවස්තාවේ තියෙන ඇබ ටික ගලවන්න ඉඩ දිය යුතු නෑ. ඩෙලර් වෙනුවෙන් ත්‍රස්තවාදය බලගන්වන්න ඉඩ දියයුතු නෑ. අපි අපේ රණවිරුවෝ ලක්ෂ ගානක් ජීවත පූජා කරලා බේරගත්තු රාජ්‍ය ඒක ආරක්ෂා කර ගන්න ඕනේ. මොන අමාරු තත්ත්වයක් යටතේ හරි. මේක බුදුන්ට පූජා වෙච්ච රටක්. 99.9 ගිහිල්ලා අනිත් පැත්තට හැරුණ රටක්. දෙමළ ඊළම හැදෙන්න ඕන්න මෙන්න තිබිලා අනිත් පැත්තට හැරිච්ච රටක්. ඒ නිසා සුදුසු වෙලාවේ සුදුසු නායකත්වය මේ අභියෝගය බාරගෙන මේ රට අනිත් පැත්තට හරවලා දෙවී. මට පෙන්නේ නෑ මේ නායකත්වයෙන් ඒ දේ වෙයි කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More