දේශීය පුවත්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බව ජනාධිපතිවරයා එහි සදහන් කර ඇත.

එමෙන්ම එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට අනුර කුමාර විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකට ලිපියකින් සදහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More