දේශීය පුවත්

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විව්ටර් පණිවිඩයක් නිකුත් කරමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු 8ක් පෙන්වා දී තිබේ.

ඒ අනුව , වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක් බවයි.

එලෙස පාදු ලැබීමට බලපෑ හේතු අතරට, රුපියල අවප්‍රමාණය වීම ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අය විය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 සහ ලංකා විදුලි බල මණ්ඩලයෙන් අය විය යුතු මුදල රුපියල් බිලියන 60 ඇතුලත්ව තිබෙන බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය මගින් පවසයි..

අයහපත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් ඉහළ ණය වාරික, නැව් සමාගම් වෙත සිදු කරන ප්‍රමාද ගාස්තු සහ බැංකු පොලී ද ඊට හේතුවී ඇති බවද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා ගේ ට්විටර් පණිවිඩයට අනුව , අතිරික්ත සේවක සංඛ්‍යාව, අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයින්, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25% වැටුප් වර්ධක, තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පැවතීම සහ ඉහළ බෙදාහැරීමේ පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතු අතර තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More