ගාලුමුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලකරුවන් රැඳී සිටින තාවකාලික ඉදිකිරීම් කිසිවක් නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනිදා තෙක් ඉවත් කිරීමට පියවර නොගන්නා බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාචික හා ලිඛිත නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා මීගහවත්තේ කාශ්‍යප හිමියන් ඇතුළු අරගල ක්‍රියාකාරීන් 4 දෙනකු විසින් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම් සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙලෙස පොරොන්දු ලබා දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ,කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ලිඛිත නිවේදනය සිය සේවාදායකයන් ඇතුළු රටේ පුරවැසියන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සාමකාමීව රැස්වී අදහස් දැක්වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් එය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...