දේශීය පුවත්

අනුරාධපුරයේදී පොදුජන පෙරමුණ පමණක් සහභාගීවූ දැවැන්ත රැස්වීමක් පවත්වා ලබාදුන් අදූරදර්ශී සංඥාව මගින් ඇතිවූ විරසකය බැසිල් රාජපක්ෂ විරෝධයක් ලෙස කුළු ගන්වා ‘මුළු රටම හරි මගට’සමුළුව තුළින් ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශයට පත්වූ බව ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාළව ආණ්ඩුවට අභියෝග කිරීමට වඩා බැසිල් විරෝධය ප්‍රදර්ශනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් එම සමුළුව සංවිධානය කළ දේශපාලන පක්ෂ ක්‍රියා කළ බව පවසන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ඒ නිසාම ඒ වනවිට ආණ්ඩුව තුළ සිටිමින් අර්බුදය පිළිබඳව අනතුරු ඇඟවූ එම අමාත්‍යවරුන් දෙපළ ආණ්ඩුවෙන් නෙරපා හැරීමට අවස්ථාව නිර්මාණය වූ බවද පවසයි.

ඒ අනුව 1976 දී සමග පෙරමුණු ආණ්ඩුවේ වාමාංශික පක්ෂ එළියට දැමීම සඳහා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් ඉටුකළ භූමිකාව මෙදා බැසිල් රාජපක්ෂ විසින් ඉටු කරනු ලැබූ බවද ඒ මහතා අවධාරණය කරයි. වසන්ත බණ්ඩාර මහතාට අනුව එම උපක්‍රමයට ගොදුරුවීම පිළිබඳව පක්ෂ 11 කණ්ඩායමට ද ඉතිහාසය විසින් යම් වගකීමක් පවරනු ලබන අතර ඒ ආකාරයට ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුමක් මගින් බාහිර ආණ්ඩු විරෝධී පාර්ශවවලට ප්‍රබල අවකාශයක් සහ ආරම්භයක් ලබා දීම යනු නැවත නිවැරදි කළ නොහැකි දේශපාලන වරදක් බවද අවධාරණය කරයි.

අර්බුදය වර්ධනය කළ දේශපාලන වරදවා ගැනීම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More