සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (අගෝ. 5) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තාවේ.
සාකච්ඡාවේදී සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තා පවසන අතර අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද එම වාර්තා පවසයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක නිරත විය.
ජනාධිපතිවරයා සම්ඟ කළ සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, බාධා කිරීමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සහය ලබාදිය යුතු බව ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...