දේශීය පුවත්

මහජන සභාවේ සම සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ(04) මාධ්‍යය වෙත අදහස් දක්වමින්, රට වෙනුවෙන් කතා කළ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් සිටින හෙයින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී යැයි පැවසූහ.

“මහජන සභාවේ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යාංශයේදී අමාත්‍යවරයාව හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන බවත් වහා ම ජනාධිපතිවරයා හමු වී ඒ සඳහා වේලාව වෙන්කර ගන්නා බවත් අමාත්‍යවරයා අපට පොරොන්දු වුණා.ජනාධිපතිවරයා හමුවීමට ජාතික සභාවේ නියෝජිතයන් සමග නීතිඥ සංගමයේ නියෝජිතයන් ද කැටුව යාමට බලාපොරොත්තු වනවා.දිගින් දිගට ම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි වනවා. ” සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෝභිත හිමියෝ ,උන්වහන්සේ සමඟ  විටියල කවිධජ හිමියන් ඇතුළු පිරිසක්ද අමාත්‍යවරයා සමග සාකච්ඡාවට සහභාගි වුණු බවද අනාවරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More