දේශීය පුවත්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.

බන්ධනාගාර නීති නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (4) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සැකකරු එම චෝදනාව අතිරේක දිසාවිණිසුරුවරයා හමුවේ වරද පිලිගැනීමෙන් පසුව ඔහු වරදකකරු බවට පත් වී දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ප්‍රකාශ කර සිටියේය.

මොහුට ජංගම දුරකථන ලැබුණු ආකාරය පිලිබදවත් පරික්ෂණයක් සිදුකරයි.



One thought on “බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කළ දනීෂ් අලීට දින 14ක සිරදඬුවමක්”

  1. ජංගම දුරකථනය ඔහුට ලබා දුන් නිලධාරින් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More