සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ අද (අගෝ. 4) නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හරින ලෙස ය.
එමෙන් ම, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ජූලි 28 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අනතුරුව ඔහු අද (අගෝ. 4) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...