දේශීය පුවත්

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිතා කිරීමට පසුගිය මස ඉන්දීය මහ බැංකුව ඉඩ ලබා දුන්නේය . ඩොලර් මත යැපීමකින් තොරව රුසියාව සහ ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශ්වික වෙළඳාම පහසු කිරීම සඳහා ගත් තීරණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් වෙළඳ කටයුතු සිදු කිරීමේදී විශාල වාසියක් අත්වන බව බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා පෙන්වා දුන්නේය. නමුත් ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ සිදුකරන වෙළඳ කටයුතු වල වටිනාකම වෙන් වෙන්ව ප්‍රකාශ නොකළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දියාව රුසියාව සමඟ පෙබරවාරි මස සිට ජූලි මස දක්වා කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කර ඇති බවත් එහිදී ප්‍රධාන වශයෙන් ආනයනය කර ඇත්තේ බොරතෙල් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More