දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය.

“එක් චීනයක්” ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම මෙන්ම ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්ම වලට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක්” බව ද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More