දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ රාජ්‍යසභා කතාව පිළිබඳව අදහස් දක්වන ලෙස ලංකා ලිඩ් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින ලදී.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ලිපියක් යැවීම ය. මේ මන්ත්‍රීවරයාගේ අදහස් ඔහුගේ වචනයෙන්

”ජනාධිපතිවරයා මේ මොහොතේ දී අවධාරණයට ලක් කළ යුතු කරුණක් ඔහු පටලවාගෙන බව පෙනුනා. අප ඔහුට දැන්නුවා ඔලුගෙඩි මාරු කරලා පුටු මාරු කරල සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවට වැඩක් නැහැ. ඒ මගින් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න බැහැ. අර්බුදය ජය ගන්න බැහැ කියලයි ඔහුට කිව්වේ. එහෙත් ඔහු කතාවේදී කියනවා යම් පක්ෂ ඔහුට කිව්වලු සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නට පෙර ඔහුගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු බව. අපි කිව්වේ පිළිවෙලක් ගැන නොවේ සර්වපාක්ෂික සමුළුවක් මගින් එකඟතාවක් අවම පොදු වැඩපිළිවෙළක් ගැන. ඔහුට වැඩපිළිවෙළක් නැති බව ඔහු පසුගිය අවුරුදු 40 දී ම ඔප්පු කර තිබෙනවා. දැනුත් ඔහු අවධාරණය කරන්නේ හැමදාම කියපු රාජ්‍ය ආයතනය පුද්ගලීකරණය ගැනම තමයි.

අර්බුදය ඇත්ත වශයෙන්ම උපදින්නේ 1977 ඇති කළ පරාධින ආර්ථික මොඩලයෙනි. මේක එම මොඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයක්. ප්‍රතිඵල එනකොට ඝෝටාභය ජනාධිපති. ඔහුගේ අසමත්කම වෙනම කරුණක්. ඒ පරාධීන මොඩලයේ නිර්මාතෘවරුන් අතරින් අද ජීවත් වන එකම පුද්ගලයා ඔහු. ඔහු කියනවා වාණිජ ණය ගැනීමේ වරද ගැන. හැබැයි අප රටේ වැඩිම පොලියට වැඩිම වාණිජ ණය ගත්තේ ඒ කියන්නේ ස්වයිරි බැඳුම්කර නිකුත් කළේ ඔහු අගමැති ලෙස සිටිය ආණ්ඩුවෙන්. ඩොලර් මිලියන 12,500ක්. 6.5% වගේ ඉතා ඉහළ පොලියට ගත්තා. කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට නොවේ. එදිනෙදා වියදමට අද ගෙවන්න බැරි වෙලා තියෙන්නෙ ඒව තමයි. ඔහු රවී කරුණානායක හිරේ යන එක වලක්වන්න 2017 දී විදේශ විනිමය පනත සංශෝධනය කළා. ඒ නිසා තමයි අද විනිමය කළු වෙළෙඳපොළ ඇතිවෙලා අර්බුදය උග්‍ර වන්නේ. ඒ නිසා අපි කියන්නේ පළමුව වැඩපිළිවෙල දෙවනුව සර්වපාක්ෂික ආණ්ඩුව කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More