දේශීය පුවත්

මේ වන විට නොයෙක් සංවිධාන වලට බෙදී ඇති අරගලකරුවන් අතර විවිධ මතවාදීමය විරෝධතා මත්වුවෙමින් තිබෙන බවද නිරීක්ෂණය වේ.අරගලයේ ආරම්භක සංවිධානයක් ලෙස සැලකෙන ‘Black Cap Movement’ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන් සංහිඳියා ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසයි.

ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය…

රනිල් වික්‍රමසිංහ මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති කාර්‍යාලය,
කොළඔ 01.

හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණනි,

සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සම්බන්දවයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපතිධූරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්දයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. නමුත් එම මහඟු අවස්ථාව යුද්ධය අවසාන සමය් බලයෙ සිටි දේශපාලන නායකත්වයන් විසින් මඟහරවා ගන්නා ලදි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

ශ්‍රී ලංකාවේ සිදුවූ ඓතිහාසික ජන නැගිටීම හේතුවෙන් මෙරට පැහැදිලි දේශපාලන පරිවර්තනයකට මේ මොහොතේ අවස්ථාව උදා වී තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් මෙම ජන නැගිටීමට සම්බන්ධ වූ අහිංසක, නිරායුද පුරවැසියන් ද දරුණු ලෙස මර්ධනයට ලක් වෙමින් තිබීමයි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියා ක්‍රියාවලියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය සිවිල් සමාජමය මැදිහත්වීම සිදුකිරීමට සාමකාමී විරෝධතා සංවිධානයක් ලෙස ‘Black Cap Movement’ සුදානම් බවත් ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි!

‘Black Cap Movement’ වෙනුවෙන්,

විමුක්ති දුෂාන්ත
සම කැඳවුම්කරු

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More