දේශීය පුවත්

ගාලුමුවදොර සාමකාමි අරගලකරුවන් නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් විසින් අරගලයේ ප‍්‍රධානියෙක් ලෙස පෙනී සිටින සේනාධී ගුරුගේ හා තවත් කිහිප දෙනෙකු පිලිබදව දැඩි විවේචනාත්මක සටහනක් තබා ඇත. මෙම පිරිස කොළඹ ගාලු මුවදොර විරෝධතාව වෙනුවෙන් මුල සිටම පෙනී සිටි අය වන අතර ඔවුන් විසින් මෙම සමාජ ජාලා පිටුව අරගලය මූලාරම්භයේ සිටම පවත්වා ගෙන ආ එකක් බවද එම කැන්ඩායම පවසති.
ඔවුන්ගේ “ෆේස් බුක් ” පිටුවේ තබා තිබූ සම්පූර්ණ සටහන…

අරගලය ජාතික ව්‍යාපාරය නොහොත් සාමකාමී ජන අරගලය විකුණගෙන කන යාචකයන්ගේ කඳවුර ගැන කෙරෙන විශේෂ හෙලිදරවුව..!

සාමකාමී ජන අරගලය පටන් අරගෙන ටික දවසකින් අප්‍රේල් 18විතර (දිනය නිශ්චිත නෑ) අරගලභූමියේ කුස්සියේ වැඩකටයුතු ආරම්භ කරනවා අන්න ඒකට මුවාවෙලා සේනාධි ගුරුගේ කියන පුද්ගලයා අරගලභූමියට එනවා.

මුලින්ම බලංගොඩ කස්සප ඇතුලු පැතුම්කර්නර්ගේ හෙංචයියන් කිහිප දෙනෙක් සහ අපි දන්න කීපදෙනෙක් වට කරගෙන මාධ්‍ය නිවේදනයක් දෙනවා “අපි පිරිස තමයි අරගලයේ මාධ්‍ය නිවේදන දෙන ඔපීශියල් අරගලකරුවන් ” කියලා. ඒවගේම එදාම කියනවා ” අරගල භූමියේ බෙටි ඇහිඳින්නේ නැත්නම් ලූනු සුද්ද කරන්නේ නැත්නම් අරගලකරුවන් කියන්න අයිතියක් නෑ ” වගේ ප්‍රකාශයක්. අරගලභූමිය බෙදන්න මේ පුද්ගලයා කරන පලවෙනි වැඩේ ඒක.

ඊඟට අරගලයට සහයෝගය දෙන්න ආපු කලාකරුවන් (විශ්ණු වාසු ඇතුලු) සෑහෙන වටිනා පිරිසකට පහරදෙන්න ගිහින් ලොකු බෙදීමක් ඇති කරා.

ඊලඟට යම් යම් පිරිස් වටකරගෙන සෑහෙන පිරිසකට පහරදීම් සිද්ද කරා. ඒකේ උච්චතම ප්‍රශ්නය ඇති උනේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට නාහෙන් කටෙන් ලේ එනකල් පහර දීලා අරගල භූමියේ සාමයට ලොකු හානියක් කරා.

ඊලඟට අවසාන මහා විනාශයක් කරපු සිදු වීම විදියට බණ්ඩාරණායක පිළිමය පෙරලන්න කඹේකුත් අරගෙන ගිහින් නටපු නාඩගම නිසා මීටර් 50 අධිකරණ තීන්දුව අරගල භූමියට අරගෙන දුන්නා.

දැන් අන්තිමට තමයි ලොකුම නාඩගම පටන්ගෙන තියෙන්නේ. මේ වගේ මන්ද.බුද්ධික අවස්ථාවාදී පිස්සන් නිසා අරගල භූමියට වෙච්ච නොසෑහෙන පාඩු විඳ දරාගෙන ඉස්සරහට යන්න සැබෑම අවංක හැඟීමෙන් අරගලයට එකතු උන සෑහෙන පිරිසකට සිද්ධ උනා.

මේ වගේ පුද්ගලයන්ගෙන් අරගලය බේරගන්න එක රජයෙන් රට බේරගන්නවට වඩා අමාරුයි. වචන වලින් තොරන් බැඳගෙන මිනිස්සුන්ගේ ඔලු කන ගමන් අරගලය විකුණන් කන දේශපාලනික හිඟ.න්නන්ගෙ ගමන දිග නෑ. බොහොම කෙටියි.

මොවුන් කරනා කිසිම දේකට ගෝල්ෆේස් අරගලයේ සම්බන්ධයක් නොමැති අතර. බොගේ කල්කිරියාව ගැන වගකීමක් ගන්නේ ද නැත .

මේ වෙලාවේ රටේ ස්වභාවය අනුව දේශපාලන ක්‍රියාමාර්ග උචිත වුවත් මොහු වාගේ මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු කිසිදු ජන අරගලයකට නායකත්වය නොගත යුතු බව අපේ මතයයි.

අරගලය නමින් සංවිධාන පිහිටුවීමට අප තරයේ විරුද්ධ යි.

– ගාලුමුවදොර සාමකාමි අරගලකරුවන් (Pimma FB)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More