දේශීය පුවත්

ශ්‍රී ලංකාවට වෛද්‍ය නේවාසික වීසා මත පැමිණ විටින් විට වීසා කාලය දික් කරමින් මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබා නැති බවට සැකයක් මතුවී ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව ඇයට කරුණු දැක්වීමට දින 7ක කාලයක් ලබා දී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

ඇය විසින් ලංකාව අපකීර්තියට ලක් කරමින් අසත්‍ය ප්‍රචාරය සිදු කිරීම සහ අරගලයට සහය දක්වන බව පවසමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ දර්ශණ රැසක් මුදා හැරීම යන චෝදනා යටතේ අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද මේ වන විට වාර්තා වේ.

ඇය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින නිවසටආගමන විගමන නිලධාරීන් විමර්ෂණ කටයුතු වෙනුවෙන් ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වෛද්‍ය නේවාසික විසා මත වීසා දික් කරමින් ඇය මෙරට රැඳී සිට ඇති බවයි.
අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර ඇය මෙරට රැඳී සිටි කාලයේදී නිශ්චිත වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන නොමැති බව මූලික පරීක්ෂණ ඔස්සේ තහවුරු වී ඇතැයි පැවසේ.

කෙසේවෙතත් අදාළ බලධාරින් විසින් ඇයට කරුණු දැක්වීමට සතියක කාලයක් ලබා දී ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More