මුහුණු පොතෙන්

> රූපයේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියා තිබූ සටන් පාඨ කීපයකි.
> ඒවායේ කියවෙන පරිදි සමාගම්වල හා ධනවතුන්ගේ දේපල අත්පත් කරගෙන දුප්පතුන්ගේ ප්‍රශ්න විසඳීම යනු සමාජවාදයේත් හද්දා පරණ නියැන්ඩතාල් යුගයට අයත් සිද්ධාන්තයකි.
> එවැනි නාඩගම්වලින් සිදුවනුයේ ධනවතුන් දුප්පතුන් යන දෙපාර්ශ්වයම නැති බංගස්ථාන වී රටක ආර්ථිකය හිඟමනට වැටීම පමණි.
> මේ නියැන්ඩතාල් සමාජවාදී සිද්ධාන්ත අත්හදා බලන්නට ගොස් නන්නත්තාර වූ රටවල් බොහෝය.
> ඒ රටවල් අද ඒ සිද්ධාන්ත අතහැර බොහෝ කාලයක් ගතවී තිබුණද ලංකාවේ විප්ලව සිහින දකින ජවිපෙ, පෙරටුගාමී කල්ලි තවමත් ජීවත් වන්නේ සමාජවාදයේත් ප්‍රාථමිකම අවදියේය.
> චීනය වැනි රටවල් එදා මාඕ සේතුංගේ සමයේදී මේ නියැන්ඩතාල් සිද්ධාන්ත අත්හදා බලන්නට ගොස් රට අන්ත හිඟමනට ඇද වැටිණි.
> ඊනියා සමාජවාදයෙන් වසර 30කට පසුවත් එරට ජනගහනයෙන් සීයට 80කට වඩා අන්ත දුප්පතුන් වූ අතර, සාගත, වසංගත හා රාජ්‍ය මර්දන ආදියෙන් මිලියන ගණන් ජීවිත අහිමි කරගැනීමට ඔවුන්ට සිදුවිය.
> පසුව චීනය යථා තත්ත්වයට පැමිණියේ සමාගම් පළවා හැරීමෙන් නොව සමාගම්, විදේශ ආයෝජන හා ප්‍රාග්ධනය නැවත රට තුළට ගෙන්වා ගැනීමෙනි.
> දේපල අත්කරගෙන නැති බංගස්ථාන කර දැමීමට බලා සිටි දේශීය ව්‍යවසායකයන්ට නැවත ස්වාධීනව නැගී සිටින්නට අවස්ථා ලබාදීමෙනි.
> නූතන චීනය ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා වූයේ ඒ ආකාරයෙනි.
> රටක ආර්ථිකයක් ගොඩනැංවීමේදී ශ්‍රමිකයන්ට, ව්‍යවසායකයන්ට මෙන්ම විදේශ ආයෝජනවලටද පැවරෙන කාර්යයක් ඇති බව චීනය පමණක් නොව කියුබාව පවා අද වන විට වටහාගෙන හමාරය.
> එහෙත් ලංකාවේ තවම ජීවත් වන්නේ ධනපතියන්ට කෙලවා දුප්පතුන් සුරලොව යැවිය හැකි යැයි සිතන උන්මත්තක සමාජවාදීන් පිරිසකි.
> ධනවාදය තුළ අඩුම තරමේ ධනවතුන්ට හෝ ධනවත් වන්නට අවස්ථාව ලැබුණද නියැන්ඩතාල් සමාජවාදය තුළ සිදුවන්නේ ධනවතුන් හා දුප්පතුන් යන සියලු දෙනාම අන්ත දුප්පතුන් බවට පත්වීමය.
> මේ මතය දැරන සමාජවාදීන් ඉතා සුළු පිරිසකට අද අරගලයක පිහිටෙන් වීරයන් වන්නට යම් අවස්ථා ප්‍රමාණයක් ලැබී තිබේ.
> මේ අවස්ථා භාවිතා කරමින් අද ඔවුන් තමන්ගේ මොළයේ පරිමාව ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටිති.
> අද අරගල ආනන්දයෙන් ගිනි කන වැටී මේ වානරයන් ජාතික වීරයන් ලෙස සලකන අය දෙස බැලීමේදී රටක් ලෙස අප ගැන ඇති වන්නේ විශාල කනගාටුවක් පමණි.
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More