අද දින(2022 ජූනි 20 ) සිට බලපැවැත්වෙන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සිටින රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම කටට්යුත්තක්, සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය සහ වෙනත් සමාන ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස ද ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...