ඊයේ(20) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වූ බව වාර්තාවේ. කැබිනට් ඇමතිවරුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුළු වේලාවකින් ඉන් පිටව ගොස් ඇති බවද වාර්තාවේ.
එහිදි අගමැතිවරයා සහ ඇමතිවරු ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇති බවද වාර්තාවේ.
පවතින තත්වය හමුවේ පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු පෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද පොදු ජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...