මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අද(21) දිනයේ සූදානමින් සිටි ධම්මික පෙරේරා මහතා එය කල් දමාඇති බව වාර්තාවේ.
ඔහුට ලැබුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබා දෙන තුරු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් නොදෙන බව ඒ මහතාගේ නීතීඥයා ඊයේ(20) ශ්‍රෙෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහුගේ නම ගැසට් පත්‍රයට ඇතුලත් කර ඇති අතර ඒ මහතා අද(21) දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබූණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා හමුවේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමටද සූදානමින් සිටි බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පැවසුවේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...